Sunday, April 19, 2020

නිවසේ සිට අධ්‍යයන කටයුතුවල යෙදෙන සාමාන්‍ය පෙළ දරුවන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන උපකාරක සේවාවක්....


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය. මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක. එක් එක් විෂයයන්  සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත.

source:http://moe.gov.lk/web/index.php?option=com_content&view=article&id=614:2020-04-11-11-48-15&catid=9:latest-news&Itemid=242&lang=si

'ගුරු ගෙදර' හැදෙන අපි -  හදන තැන නව රූපවාහිනී අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 සිට ඇරඹෙයි


එළඹෙන අප්‍රේල් මස 20 වනදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00  දක්වා ද රාත්‍රී 10.00 සිට රාත්‍රි 12.00 දක්වාද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට හිමිවේ.
වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.
මේ යටතේ උසස් පෙළ කලා විෂය  ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.
සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාල ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය. ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ DP අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සිටි. අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා  සංවර්ධන  අමාත්‍යාංශය,  තෘතීක හා වෘත්තීය  අධ්‍යාපන කොමිසම  මගින් ද  සෑම  දිනකම
රාත්‍රී 10.00  සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.

Saturday, April 18, 2020

GIT MOCK EXAMINATION
(13වසර සිසුන් සඳහා GIT පුහුණුවීම සඳහා පරීක්ෂණය)

can be accessed through:        https://dse1.onlineexams.gov.lk

Further information can be obtained by
sending an email to: doeonlineexams@gmail.com . 

Wednesday, April 8, 2020

Central Province Lerning Management Systemමධ්‍යම පළාත්  ඉගනුම් කළමනාකරණ පද්ධතිය
  • අ.පො.ස උසස් පෙළ සිසු දරු දැරියන්ගේ විභාග ප්‍රතිඵල ඉහල නැංවීමේ අරමුණ පෙරදැරිව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තුව විසින් ආරම්භකොට ඇති ව්‍යාපෘතියකි.
  • උසස් පෙළ සියලු විෂයයයන්ට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර  ඇතුලු වෙනත් සම්පත් මෙහි ඇතුලත් කිරීමට නියමිතය.
  • මෙහි ලියාපදිංචිය සඳහා new user registration guide හොඳින් කියවන්න.
  • දැනටමත් එක් විෂයයන් සඳහා ඒකක වශයෙන් සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර භාගත කර ගැනීමට ඔබගේ පාඨමාලාවට පිවිසීමෙන් සිදු කර ගත හැක.