Tuesday, December 1, 2020

6-A දෙමාපියන් වෙත දැනුම් දීමයි

 

මහ/ඩී.බී.විජේතුංග ජාතික පාසලේ 6 A පංතිය දෙසැම්බර් මස 10 තෙක් වසා තැබෙනබවත්,යලි එම පංතිය දෙසැම්බර් 11දින සිසුන් සඳහා විවෘතවන බවත් දන්වමි.

විදුහල්පති 

Saturday, November 7, 2020

ඉගෙනුම් ආධාරක බෙදාහැරීම 

    11 ශ්‍රේණියේ සිසුන් සදහා බෙදාහරින ඉගෙනුම් ආධාරක, නොවැම්බර් 9,10 සහ 11 යන දිනවල පෙ.ව 8.00 සිට ප.ව 12.30 අතර බෙදාහැරේ. නියමිත දිනවල සිසුන්ගේ දෙමාපියන් පමණක් පාසලට පැමිණ එම ඉගෙනුම්  ආධාරක ලබාගන්නා  ලෙස දන්වමි(පැමිණෙන විට සිසුන්ගේ කාණ්ඩ විෂයයන්ද නිවැරදිව දැනුම් දෙන්න.)


විදුහල්පති 

Thursday, August 6, 2020

කාල සටහන - 2020 08 10(සඳුදා සිට ක්‍රියාත්මක)

2020 8 10 දින සිට පෙ ව 7 30 සිට ප ව 1 30 දක්වා , 2020 3 13 ට පෙර පැවති කාල සටහන ක්‍රියාත්මකවේ
timetable 6-9 
 තවද 10 වසර සිට 13 වසර දක්වා 1-30 3-30 සවස් කාලය සදහා
අතිරේක කාල සටහනක් ක්‍රියාත්මක වන අතර එය සඳුදා දින ලබා දෙමු.
සඳුදා දින සදහා පමණක් සවස් කාලීන කාලසටහන පහත පරිදි වේ.

කාල සටහන  - 2020 08 10(සඳුදා) /  ප ව 1 30 - ප ව 3 30

පන්තිය

විෂය

10A   10C

විද්‍යාව

10B

සිංහල

11A 11B  11C

ගණීතය

12A

සිංහල/රංගකලාව

12C

ගීණුම්කරණය

12S

ජීව විද්‍යාව/ ස ගණිතය

12T

SFT

13A

ICT/ඉතිහාසය/භූගෝලය/AGRI

13C

ව්‍යාපාර අධ්‍යනය

13S

භෞතික ව්ද්‍යාව/AGRI

13T

ICT/ භූගෝලය/AGRI


Saturday, July 4, 2020

සිසු දරුවනි,
නිවාඩු කාලීනව 6,7,8,9 සහ 10  ශ්‍රේණි සදහා ලබාදී ඇති පැවරුම් අවසන් කර පිළිතුරු පත්  ජූලි 6 දා සිට පාසලට ගෙනවිත් දෙන්න.


දෙමාපියනි,
ජූලි 6 දා 11 ශ්‍රේණිය සදහා පංති ආරම්භවන බැවින් ජූලි 5වන ඉරිදාපෙ.ව. 9.00 ට පාසල පිරිසිදු කිරීමට පැමිණෙන ලෙස දන්වමි. පැමිණීම Comments මගින් තහවුරු කරන්න.

විදුහල්පති


Thursday, June 4, 2020




ගුරුභවතුනි,
සෑම ගුරුභවතෙකුම සම්පූර්ණ කළ යුතු ආකෘති පත් 03ක් හා පන්ති භාරගුරුභවතුන්  සම්පූර්ණ කළ යුතු ආකෘති පත් 01 ක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එවා ඇත. එම ආකෘති පත්  සම්පූර්ණ කර භාර දෙන්න.පහත ඇමුණුම් (Links)භාවිතා කරන්න.


විදුහල්පති


Use this Link 1

Link 2(පන්ති භාරගුරුභවතුන්ට පමණී)

Link 3

Link 4 (2 copies)
--------------------------------------------------------------------------------------------------------------------------

සිසු දරුවනි,
පහත දැක්වෙන  ශ්‍රේණි සදහා  අදාල මුද්‍රිත පැවරුම්,  කලාප කාර්යාලය මගින් පාසලට ලබාදී ඇත.
11ශ්‍රේණි 
භූගෝලය,සිංහල,පුරවැසි අධ්‍යයනය,බුද්ධ ධර්මය,කෘෂි හා ආහාර තාක්ෂණය,විද්‍යාව,ගණිතය,ඉංගීුසි 
10ශ්‍රේණි 
කෘෂි හා ආහාර තාක්ෂණය
6,7,8,9 ශ්‍රේණි
දෙමළ(කමියුනිකේෂන් වෙතින් පිටපත් ලබාගන්න)

10 සහ 11 ශ්‍රේණිවලමුද්‍රිත පැවරුම්, පෙ ව 9 -12 අතර පාසලට පැමිණ  ලබාගන්න (මුර කුටිය අසලට පැමිණ විමසන්න)

 විදුහල්පති

Tuesday, May 26, 2020

සිසු දරුවනි,
*ඉතිහාසය විෂය* සංවර්ධනය සඳහා දියත් වන *සරු බිම* ට *5/27(බදාදා) රාත්‍රී 7* ට *WhatsApp ඔස්සේ සජීවීව* සම්බන්ධ වන්න.

ගුරු උපදේශක-ඉතිහාසය.
Mrs.A.H.M.S.Wijerathna.
Link
https://chat.whatsapp.com/L6TCZVmxTpe7mLWCYBVNAK

Saturday, May 23, 2020

6 -11 ‍ශ්‍රේණි විෂය පැවරුම් මුද්‍රිත  පිටපත් ලබාගැනීම


6 -11 ‍ශ්‍රේණි විෂය පැවරුම් මුද්‍රිත  පිටපත් ලබාගැනීමට අවශ්‍යනම්

1) දවුලගල DIGITAL COMPUTER SHOP
2) බූවැලිකඩ HIRUNI BOOK SHOP (NETHRA)
3) තලවතුර DIWYANJALEE BOOK SHOP

යන ස්ථාන මගින් ලබාගන්න

රටක් වටින පොතක් 


අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන
  "රටක් වටින පොතක් " ව්‍යාපෘතිය යටතේ රචනා කරන ලද පොත්
ජූනි 5 දින  හෝ ඊට පෙර විද්‍යාලයට ලබාදෙන්න

විදුහල්පති

Circular

Wednesday, May 20, 2020

11 ශ්‍රේණිය කාණ්ඩ විෂයන්ට අදාල මුද්‍රිත පැවරුම්  

11 ශ්‍රේණිය කාණ්ඩ විෂයන්ට අදාල මුද්‍රිත පැවරුම්,  කලාප කාර්යාලය මගින් පාසලට ලබාදී ඇත.

එම මුද්‍රිත පැවරුම්, පෙ ව 9 -12 අතර පාසලට පැමිණ  ලබාගන්න (මුර කුටිය අසලට පැමිණ විමසන්න)

 

Tuesday, May 12, 2020

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීම

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට 2020.05.12 දින  සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව,  www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුය.

Sunday, May 3, 2020

*ඩී.බී .විජේතුංග ජාතික පාසලේ ඡායාරූප සංගමය විසින් මෙහෙයවන*

 *වෙසක් ආසිරි පත් නිර්මාණ තරඟය. _(ඡායාරූප)_*

තේමාව: ☸️වෙසක් තෙමඟුල☸️

⭕ තරඟ කොන්දේසි

1️⃣. ඩී.බී විජේතුංග ජාතික පාසල ජාතික පාසලේ  6,7,8,9 ,10, 11 ,12 13 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරගය සඳහා ඉදිරිපත් විය හැකිය.

2️⃣. එක් තරඟ කරුවෙකුට ඉදිරිපත් කල හැක්කේ එක් ඡායාරූපයක් පමණි.

3️⃣. ඔබ විසින් ලබා ගන්නා ලද ඡායාරූප සංස්කරණය කර ඉදිරිපත් කල හැකිය, සංස්කරණය සඳහා භාවිතා කල හැක්කේ උපරිම වශයෙන් ඡායාරූප 3 ක් පමණි. (ඡායාරූප සංස්කරණය සඳහා යොදාගත හැක්කේ Photoshop යෙදුම පමණි)

4️⃣. ඔබ විසින් භාවිතයට ගන්නා ලද අමු ඡායාරූපද (Raw File) අප වෙත ඉදිරිපත් කලයුතුය. 

5️⃣. තරඟය අවසන් වන දිනය - මැයි 31

✅. පහත link එක මඟින් ඔබගේ නිර්මාණ අප වෙත එවිය හැක.

Sunday, April 19, 2020

නිවසේ සිට අධ්‍යයන කටයුතුවල යෙදෙන සාමාන්‍ය පෙළ දරුවන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන උපකාරක සේවාවක්....


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
දෙමාපියන්ට තමන් සතු ඕනෑම දුරකථන ජාලයකින් 1377 අංකයට ඇමතුමක් ලබා දීමෙන් දරුවන් වෙත මෙම අවස්ථාව සලසා දිය හැකිය. මේ සඳහා දුරකථන ගාස්තු කිසිවක් අය නොකෙරෙන අතර, සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අදාල විමසීම් සිදු කළ හැක. එක් එක් විෂයයන්  සම්බන්ධ පළපුරුදු ගුරුවරුන් මේ සඳහා සම්බන්ධ කරගනු ලබන අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස සිංහල හා මව්බස දෙමළ යන විෂයන් සම්බන්ධව මතුවන ඕනෑම ගැටළුවකට මේ යටතේ පිළිතුරු ලබා දීමට කටයුතු යොදා ඇත.

source:http://moe.gov.lk/web/index.php?option=com_content&view=article&id=614:2020-04-11-11-48-15&catid=9:latest-news&Itemid=242&lang=si

'ගුරු ගෙදර' හැදෙන අපි -  හදන තැන නව රූපවාහිනී අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 සිට ඇරඹෙයි


එළඹෙන අප්‍රේල් මස 20 වනදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00  දක්වා ද රාත්‍රී 10.00 සිට රාත්‍රි 12.00 දක්වාද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට හිමිවේ.
වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.
මේ යටතේ උසස් පෙළ කලා විෂය  ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.
සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාල ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය. ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ DP අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සිටි. අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා  සංවර්ධන  අමාත්‍යාංශය,  තෘතීක හා වෘත්තීය  අධ්‍යාපන කොමිසම  මගින් ද  සෑම  දිනකම
රාත්‍රී 10.00  සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.

Saturday, April 18, 2020

GIT MOCK EXAMINATION
(13වසර සිසුන් සඳහා GIT පුහුණුවීම සඳහා පරීක්ෂණය)

can be accessed through:        https://dse1.onlineexams.gov.lk

Further information can be obtained by
sending an email to: doeonlineexams@gmail.com . 

Wednesday, April 8, 2020

Central Province Lerning Management Systemමධ්‍යම පළාත්  ඉගනුම් කළමනාකරණ පද්ධතිය
  • අ.පො.ස උසස් පෙළ සිසු දරු දැරියන්ගේ විභාග ප්‍රතිඵල ඉහල නැංවීමේ අරමුණ පෙරදැරිව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්ථමේන්තුව විසින් ආරම්භකොට ඇති ව්‍යාපෘතියකි.
  • උසස් පෙළ සියලු විෂයයයන්ට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර  ඇතුලු වෙනත් සම්පත් මෙහි ඇතුලත් කිරීමට නියමිතය.
  • මෙහි ලියාපදිංචිය සඳහා new user registration guide හොඳින් කියවන්න.
  • දැනටමත් එක් විෂයයන් සඳහා ඒකක වශයෙන් සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර භාගත කර ගැනීමට ඔබගේ පාඨමාලාවට පිවිසීමෙන් සිදු කර ගත හැක.