Tuesday, May 26, 2020

සිසු දරුවනි,
*ඉතිහාසය විෂය* සංවර්ධනය සඳහා දියත් වන *සරු බිම* ට *5/27(බදාදා) රාත්‍රී 7* ට *WhatsApp ඔස්සේ සජීවීව* සම්බන්ධ වන්න.

ගුරු උපදේශක-ඉතිහාසය.
Mrs.A.H.M.S.Wijerathna.
Link
https://chat.whatsapp.com/L6TCZVmxTpe7mLWCYBVNAK

Saturday, May 23, 2020

6 -11 ‍ශ්‍රේණි විෂය පැවරුම් මුද්‍රිත  පිටපත් ලබාගැනීම


6 -11 ‍ශ්‍රේණි විෂය පැවරුම් මුද්‍රිත  පිටපත් ලබාගැනීමට අවශ්‍යනම්

1) දවුලගල DIGITAL COMPUTER SHOP
2) බූවැලිකඩ HIRUNI BOOK SHOP (NETHRA)
3) තලවතුර DIWYANJALEE BOOK SHOP

යන ස්ථාන මගින් ලබාගන්න

රටක් වටින පොතක් 


අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන
  "රටක් වටින පොතක් " ව්‍යාපෘතිය යටතේ රචනා කරන ලද පොත්
ජූනි 5 දින  හෝ ඊට පෙර විද්‍යාලයට ලබාදෙන්න

විදුහල්පති

Circular

Wednesday, May 20, 2020

11 ශ්‍රේණිය කාණ්ඩ විෂයන්ට අදාල මුද්‍රිත පැවරුම්  

11 ශ්‍රේණිය කාණ්ඩ විෂයන්ට අදාල මුද්‍රිත පැවරුම්,  කලාප කාර්යාලය මගින් පාසලට ලබාදී ඇත.

එම මුද්‍රිත පැවරුම්, පෙ ව 9 -12 අතර පාසලට පැමිණ  ලබාගන්න (මුර කුටිය අසලට පැමිණ විමසන්න)

 

Tuesday, May 12, 2020

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීම

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට 2020.05.12 දින  සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව,  www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුය.

Sunday, May 3, 2020

*ඩී.බී .විජේතුංග ජාතික පාසලේ ඡායාරූප සංගමය විසින් මෙහෙයවන*

 *වෙසක් ආසිරි පත් නිර්මාණ තරඟය. _(ඡායාරූප)_*

තේමාව: ☸️වෙසක් තෙමඟුල☸️

⭕ තරඟ කොන්දේසි

1️⃣. ඩී.බී විජේතුංග ජාතික පාසල ජාතික පාසලේ  6,7,8,9 ,10, 11 ,12 13 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරගය සඳහා ඉදිරිපත් විය හැකිය.

2️⃣. එක් තරඟ කරුවෙකුට ඉදිරිපත් කල හැක්කේ එක් ඡායාරූපයක් පමණි.

3️⃣. ඔබ විසින් ලබා ගන්නා ලද ඡායාරූප සංස්කරණය කර ඉදිරිපත් කල හැකිය, සංස්කරණය සඳහා භාවිතා කල හැක්කේ උපරිම වශයෙන් ඡායාරූප 3 ක් පමණි. (ඡායාරූප සංස්කරණය සඳහා යොදාගත හැක්කේ Photoshop යෙදුම පමණි)

4️⃣. ඔබ විසින් භාවිතයට ගන්නා ලද අමු ඡායාරූපද (Raw File) අප වෙත ඉදිරිපත් කලයුතුය. 

5️⃣. තරඟය අවසන් වන දිනය - මැයි 31

✅. පහත link එක මඟින් ඔබගේ නිර්මාණ අප වෙත එවිය හැක.