Tuesday, May 12, 2020

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීම

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට 2020.05.12 දින  සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව,  www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය. එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුය.

No comments:

Post a Comment